මාධ්‍යවේදී සජීව විජේවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 51 වන වියේ පසුවිය.
රෝගී තත්ත්වයක් හේතුවෙන් කලක පටන් ප්‍රතිකාර ලබමින් සිටි සජීව විජේවීර මහතා ගාල්ල කරාපිටිය රෝහලේ දී අභාවප්‍රාප්ත වූ බව පවුලේ සමීපතමයෙකු පැවසුවේය.
මාධ්‍යවේදී සජීව විජේවීර මහතාගේ දේහය මේ වනවිට ගාල්ල වක්වැල්ලේ ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (08) පස්වරු 6ට ගාල්ල, දඩල්ල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.











