මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් උද්ගත වන කරුණු සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇති බව අමාත්‍යාංශය දැනුම් දෙයි.
මෙම හදිසි ප්‍රතිචාර ඒකකය සෑම දිනකම පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා, සති අන්ත දිනවල ද ක්‍රියාත්මක වන අතර +94 11 744 5641 , +94 11 220 7250 යන දුරකතන අංකයන් ඔස්සේ එම ඒකකය හා සම්බන්ධ විය හැකිය.
තව ද වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා emergency.sl@mfa.gov.lk විද්‍යුත් ලිපිනය සහ WhatsApp පණිවිඩ සඳහා +94 0777 189 552 දුරකතන අංකය භාවිත කළ හැකි වේ.
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ දුරකතන අංකය +94 74 259 5546 , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කෙටි දුරකතන අංකය 1989 සහ ජංගම දුරකතන අංකය +94 71 980 2822 ඇමතීමෙන් ද තොරතුරු ලබා ගත හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම ඒකකය ස්ථාපිත කර ඇත්තේ එම කලාපයේ ජීවත් වන සහ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය ප්‍රමුඛතාවයක් ලෙස සලකා වන අතර වත්මන් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින විදේශීය ජාතිකයින්ට මුහුණදී මට සිදුවන ගැටලු අවස්ථා අනුව සලකා බැලීමට කටයුතු කරන බව ද විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම කාලය තුළ අවශ්‍ය මාර්ගෝපදේශ හා සහාය ලබාගැනීම සඳහා අදාළ පාර්ශ්වයන් හදිසි ප්‍රතිචාර ඒකකය සමඟ සම්බන්ධ වන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටියි.











