ව්‍යාජ ඔප්පු යොදා ගනිමින් රජයට අයත් ඉඩම් විකිණීමේ චෝදනාව මුහුණ දී ඇප මත නිදහස්ව සිටින හිටපු අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසකට ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය අද (27) අධිචෝදනා භාර දුන්නාය.
නඩුවේ නම් කර ඇති අනෙකුත් සැකකරුවන් අතර සරත් එදිරිසිංහ, අජිත් මිල්රෝයි, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් ද වෙති.
මෙම නඩු විභාගය මාර්තු 27 වන දින දක්වා කල් තැබීය.
















