කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල තක්සේරු වටිනාකම ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය, ඉහළ යෑමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී සියයට 10.6කින් වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ මේ සම්බන්ධ නිවේදනයේ මේසේ ද සඳහන් වේ. “මෙම වර්ධනය, ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක වන නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහිම පිළිබිඹු වූ අතර, ඒවා පිළිවෙළින් සියයට 12.4ක, 11.3ක සහ 8.0ක වාර්ෂික ඉහළයෑම් වාර්තා කළේය. මේ අතර, 2025 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී, ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක අර්ධ වාර්ෂික පදනම අනුව මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. මෙහිදී, වාණිජ සහ නේවාසික අනු දර්ශක ඉහළ වර්ධන වේගයන් පෙන්නුම් කළේය”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website