විවාහායෙන් පිටත ලිංගිකව හැසිරුණු හා මත්පැන් පානය කළ ඉන්දුනීසියානු තරුණියට ප්‍රසිද්ධියේ වේවල් පහර 140ක්

ෂරියා හෙවත් ඉස්ලාමීය ආගමික නීතිය උල්ලංඝනය කළ 21 හැවිරිදි ඉන්දුනීසියානු කාන්තාවකට විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම සහ මත්පැන් පානය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් 140 වතාවක් වේවැල් පහර දී තිබේ.

අචේ පළාතේ දී ප්‍රසිද්ධියේ මෙම දඩුවම ක්‍රියාත්මක කර ඇති අතර පහර දෙන අතරතුර කාන්තාව ක්ලාන්ත වී ඇත.

ඇය හඬමින් සිටියදී කාන්තා නිලධාරිනියන් තිදෙනෙක් ඇයට වේවැලකින් පහර දුන්හ. ඇය ඇද වැටුණු පසු, කාන්තා නිලධාරිනියන් ඇයව වේදිකාවෙන් ඉවතට ගිලන් රථයකට රැගෙන ගියාය.

පසුගිය බ්‍රහස්පතින්දා මෙම යුවළට සහ ඉස්ලාමීය පොලිස් බලකායේ නිලධාරියෙකු ඇතුළු තවත් සිව්දෙනෙකුට වේවැල් පහර දෙනු ලැබූ අතර, ඔවුන් සියලු දෙනාම ෂරියා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් විය.

ආගමික වශයෙන් ගතානුගතිකව ජීවත් වන අචේ හි ඉස්ලාමීය නීතිය කඩ කිරීම සඳහා වේවැල් පහර දීම පොදු දඬුවමකි. නමුත් එය කුරිරු බව පවසන අයිතිවාසිකම් කණ්ඩායම් විසින් මෙම ක්‍රියාව දිගු කලක් තිස්සේ විවේචනයට ලක්ව ඇත.

අචේහි ඉස්ලාමීය අපරාධ නීති සංග්‍රහය යටතේ, විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම සඳහා වේවැල් පහර 100 ක් සහ මත්පැන් පානය කිරීම සඳහා කස පහර 40 ක් ලබා දිය හැකිය.

වේවැල් පහරදීම් නිසි ලෙස නියාමනය කර නොමැති බව ඉන්දුනීසියානු අයිතිවාසිකම් කණ්ඩායමක් වන කොන්ට්‍රාස් හි ආචේ සම්බන්ධීකාරක අසාරුල් හුස්නා පවසන අතර, වේවැල් පහර දීමෙන් පසු පුද්ගලයින්ට සහාය වීම සඳහා එවැනි දඬුවම් පිළිබඳ නීති “වැඩිදියුණු කළ යුතු” බව පැවසීය.

ඉස්ලාමීය පොලිස් බලකායේ නිලධාරියාට මෙන්ම ඔහුගේ කාන්තා සහකාරියට ද පෞද්ගලික ස්ථානයක සමීපව සිටීම නිසා වේවැල් පහර 23ක් එල්ල කරන ලදී.

ඔහු ඇය සමඟ ඇගේ නිවසේ තනිව සිටියදී අත්අඩංගුවට ගත් බව, ආචේහි ඉස්ලාමීය පොලිස් බලකායේ ප්‍රධානී මුහම්මද් රිසාල් බීබීසී ඉන්දුනීසියානු සේවයට පැවසූ අතර එම නිලධාරියා සේවයෙන් පහ කරන බවව ද ඔහු පැවසුවේය.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ ෂරියා නීතිය ක්‍රියාත්මක කරන එකම පළාත අචේ වන අතර, එහි බොහෝ වැරදි සඳහා ප්‍රසිද්ධියේ කස පහර දෙනු ලැබේ.

බී.බී.සී ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website