හෙරෝයින් සහ අයිස් සන්තකයේ තබා ගෙන සිටි තිදෙනෙක් අත්අඩංගුවට

උතුරු පළාත් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ (30) දින උදෑසන කෂේත්‍ර රාජකාරියේ නිරතව සිටියදී අනාවරණය කරගත් තොරතුරක් මත කවරක්කුලම පොලිස් වසමේ කුඩා වැව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී සඟවා තිබී හෙරොයින් ග්‍රෑම් 150 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 80 ක් සොයාගැනීමට හැකි වී ඇති අතර පදිංචිව සි‌ටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු 23 ක් වන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කවරක්කුලම පොලිස් ස්ථානය භාරයේ පසුවේ.

එදිනම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51 මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන කඩුවෙල පොලිස් වසමේ වැලිවිට ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිට රැදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හෝමාගම කොට්ඨාස අපරාධ අංශයට හැකිවී තිබේ.

සැකකරු වයස අවුරුදු 48 ක් වන මුල්ලේරියාව උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන කඩුවෙල පොලිස් ස්ථානය මගින් සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website