දුරකථනය සම්බන්ධයෙන් ඇති වූ අරවුලක්: පියාගේ කැති පහරින් 14 හැවිරිදි දියණිය මරුට

ඌරගස්මංහන්දිය, දැල්කඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දැරියක් ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ඊයේ (30) දින රාත්‍රී ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරිය අවුරුදු 14 ක් වූ දැල්කඩ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මියගිය දැරිය හා පියා අතර දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත පියා විසින් කැත්තකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඌරගස්මංහන්දිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website