යතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටී 22 හැවිරිදි පැදිකරු මරුට

වලස්මුල්ල බෝවල මාර්ගයේ හේනගෙදර ප්‍රදේශයේදී ඊයේ (30) දින බෝවල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව  මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු වලස්මුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ගතකරන විට පැදිකරු මියගොස් සිට ඇත.

මරණකරු වයස අවුරුදු 22 ක් වූ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යතුරුපැදිකරුගේ අධික වේගය හා අපරීක්ෂාකාරි ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.වලස්මුල්ල  පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website