හානි වූ නිවාස සඳහා ලබා දුන් චෙක්පත් අගරුවීම: අනුරාධපුර දිසාපතිගෙන් කරුණු පැහැදිලි කිරීමක්

දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් වූ නිවාස සඳහා චෙක්පත ලබා දීමේදී නිවෙස් හිමියන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ගිවිසුම් ගත විය යුතු බවත් පසුව එම නිවාසවල ප්‍රගතිය පරීක්ෂාවයට ලක් කළ යුතු බවත් අනුරාධපුර දිසාපති රංජිත් විමලසූරිය මහතා පවසයි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු පූර්ණ හානි වූ නිවාස සඳහා වන්දි ලෙස ලබාදුන් චෙක්පත් මුදල් කර ගත නොහැකි බවට පළවන වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අනුරාධපුර දිසාපති රංජිත් විමලසූරිය මහතා විසින් මේ බව හෙළි කළේය.

මෙම සියලු නිවාස පූර්ණ අධීක්ෂණයට ලක් කළ යුතු බවත් ඒ අනුව ක්ෂේත්‍ර නිලධාරීන් විසින් එම ස්ථානයන් වෙත පැමිණ නිවාස ඉදි කිරීමේ ප්‍රගතිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිවාස ඉදිකිරීමට අදාළ මුදල් නිදහස් කිරීම් බැංකු හරහා සිදු වෙනු ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website