ආනයනය කළ ගල් අඟුරු නෞකා තුනක අඩංගු ගල් අඟුරු ගැන ප්‍රමිති වාර්තා ලබා දෙන්න – කාරක සභාව

විදුලිබල නිෂ්පාදනය සඳහා මෙරටට කරනු ලබන ආනයනය ගල් අඟුරු පිළිබඳව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  කරුණු විමසා බලන ලදී.

ඒ එම  කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙදින කාරක සභා රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ  නිලධාරීන් කැඳවා තිබුණි.

එහිදී කාරක සභාව විසින් ගල් අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය  පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු පැහැදිළි  කරගැනීමක් සිදුකර ගත්  අතර  අවසන් වරට ගල් අඟුරු ආනයනය සිදුකරීමේ  ක්‍රියාපටිපාටිය  පිළිබඳව  කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා කරුණු පැහැදිලි කරගන්නා ලදී.

එහිදී අවසන් වරට මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරු වල  ප්‍රමිතියේ ගැටලුවක්  මතුව ඇත්දැයි කාරක සභා සභාපතිවරයා  නිලධාරීන්ගෙන්  විමසා සිටියේය.

දිවයිනට පැමිණි  ගල් අඟුරු නෞකා තුනක  සාම්පල තත්ත්ව පරික්ෂා කිරීම සඳහා ඉන්දියාව වෙත යොමු කර ඇති අතර එම වාර්තා පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදිය හැකි බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

ඒ අනුව  මේ සම්බන්ධයෙන්  දීර්ඝ ලෙස කාරක සභාවේදී  කරුණු සාකච්ඡා කෙරුණු අතර  මෙම ගල් අඟුරු තොග ආනයනය කිරීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධව කටයුතු කළ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ හිටපු සභාපතිවරයා ඊලග රැස්වීමේදී කාරක සභාව හමුවට කැඳවන බව මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා  පැවසුවේය.

එමෙන්ම  එම රැස්වීම්  දිනයේදී දිවයිනට පැමිණි  ගල් අඟුරු නෞකා තුනෙහි ප්‍රමිති වාර්තා සහ  අවසන් වරට පැමිණි  නෞකාවේ  ගල් අඟුරුවල තත්ත්වය සමබන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදු කල රසායනාගාර වාර්තා ද කාරක සභාවට  යොමු කරන  ලෙසට ද  කාරක සභා සභාපතිවරයා  නිලධාරීන්ට උපදෙස්  ලබාදුන්නේය.

මෙම රැස්වීම සඳහා  කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, චතුර ගලප්පත්ති  යන මහත්වරු  සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website