පසුගිය වසර 10ක කාලය තුළ වයස අවුරුදු 16ත් 22ත් අතර තරුණ පිරිසගේ අපරාධ චර්යාවන් ඉහළ ගොස් ඇති බව අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥ තාරක ප්‍රනාන්දු මහතා පවසයි.
මානසික සෞඛ්‍ය විද්‍යායතනයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පසුගිය දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය තාරක ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.
අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥ තාරක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ 2015 සහ 2016ට ආසන්න කාලයේ සංඛ්‍යාත්ම දත්ත දෙස බැලීමේ දී අධිකරණය මඟින් නඩු විභාගයක් සිදුකර චෝදනාවට ලක් වී දඬුවමක් ලැබූ අයගේ ප්‍රමාණය 200%කින් පමණ ඉහළ ගොස් ඇති බවය.
එය ව්‍යසනකාරී තත්ත්වයක් වන බවත් එය එලෙසම පැවතුණහොත් ඉදිරියේ දී වයස අවුරුදු 16ත් 22ත් අතර පිරිසගෙන් බන්ධගාර පිරී යනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
“මානසික ගැටලු, එසේ නොමැතිනම් උන්මන්තක පුද්ගලයින්ගෙන් වැඩි ප්‍රමාණයක් අපරාධකරුවන් බවට සමාජය තුළ මතයක් මුල් බැසගෙන තිබෙන නමුත් එය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. මෙම පුද්ගලයින් දෙස විවෘත මනසකින් බලා අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීම හරහා ඔවුන්ව වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම මෙම පුද්ගලයින් තුළ නිර්මාණාත්මක කුසලතා තිබෙනවා. ඔවුන් අපරාධ සඳහා යොදන හැකියාව වෙනත් දෙයකට යෙදවීම හරහා පුනරුත්ථාපනය සිදුකළ හැකියි. එවැනි පුද්ගලයින්ව පුනරුත්ථාපනය කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුගතව කටයුතු කළ යුතුයි” අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥ තාරක ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසුවේය.












