මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ දේශපාලනඥයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත විය. මහාචාර්ය විතාරණ මිය යන විට 91 වැනි වියේ පසු විය.

දීර්ඝ කාලීන අසනීප තත්ත්වයකින් පසු ඔහු අද (13) උදෑසන කෝට්ටේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ සමීපතමයෙකු පැවසුවේය. මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු සහ පළාත් ආණ්ඩුකාරවරයෙකු ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් දැරූ කීර්තිමත් දේශපාලනඥයෙකි.

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ අභාවය වෙනුවෙන් අපි අපගේ ශෝකය පළ කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website