හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාර නඩුව: හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යළි රිමාන්ඩ්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් එම වරදට ආධාර අනුබල දුන්නේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා තවදුරටත් ලබන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (11) නියෝග කළේය.

ඒ රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් සමන් ඒකනායක මහතා අද යළි අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දීය.

2023 දී එක්සත් රාජධානියේ නිල සංචාරයකදී රුපියල් මිලියන 16.6ක රාජ්‍ය අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුවේ දෙවන සැකකරු ලෙස ඒකනායක නම් කර ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම පවතින බැවින් ජනවාරි 28 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මීට පෙර පෙබරවාරි 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website