පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය 07 වන දින කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත්කළ සැකකරු, පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් ඊයේ (01) දින දහවල් බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතන තැත සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකළ කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් වයස අවුරුදු 24 ක් වන නාගොඩ, කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සම්බන්ධව අනාවරණය කරගෙන තිබු තොරතුරු අනුව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර තවදුරටත් විමර්ශනය සඳහා  මේ වන විට සැකකරු එම අපරාධ කොට්ඨාසයට භාර දී ඇත.

එහිදී නාගොඩ ප්‍රදේශයේ ඝාතනයට පෙර සිදුවූ පහත අපරාධවල සැකකරු මොහු බවට අනාවණය වී තිබේ.

  • 2025.12.31 දින නාගොඩ රෝහල තුලදී බන්ධනාගාර රැඳවියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම.
  • 2026.01.09 දින දෙහිවල පොලිස් වසමේදී හෝටලයක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

එමෙන්ම නාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් ද කළුතර සහ බලංගොඩ ප්‍රදේශවලදී විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් අවුරුදු 23 හා 24 වයස්වල පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 23 ක් වන බොලොස්සගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website