මෙරට සංක්‍රාන්ති ලිංගික ශ්‍රමිකයින් ගැන නවතම සමීක්ෂණ වාර්තාවක් හෙළි කළ අනතුර

මෙරට සිටින සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින්ගෙන්  (Transgender Sex workers) සියයට 25ත්-30ත් අතර සංඛ්‍යාවක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බව සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළි කර ගෙන ඇත.

දැනට මෙරට තුළ සංක්‍රාන්තිකයින් සැලකිය යුතු පිරිසක් සිටින බවත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා රැකියාව ලෙස සංක්‍රාන්තික ලිංගික ශ්‍රමික (Transgender Sex workers) තෝරා ගෙන ඇති බව එම සංවිධානය සඳහන් කළේය.

මෙම වෘත්තීයේ ඇති නිදහස් භාවය නිසා බොහෝ පිරිසක් අයිස්, හෙරෝයින්, ගංජා, මත්පෙති වැනි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බව ද අදාළ සමීක්ෂණයෙන් හෙළිවී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website