ලංගමට කාන්තා කොන්දොස්තරවරියන් 20ක් එක් වෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉතිහාසයේ ප්‍රථම වරට අලුතින් බඳවා ගත් කාන්තා බස් කොන්දොස්තරවරියන් 20 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (6) මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  කෞෂල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ සහ ශ්‍රී ලංගම සභාපති සජීව කනකරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

අලුතින් පත් කරන ලද කාන්තා බස් කොන්දොස්තරවරියන් සඳහා නව නිල ඇඳුමක් ද හඳුන්වා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website