ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියානු සංචාරයක

“සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ” (ICCR) ආරාධනාවකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියානු සංචාරයක් සඳහා අද (05) දින පෙරවරුවේ නවදිල්ලි නුවර බලා පිටත් විය.

මෙම සංචාරයේ දී නවදිල්ලියට අමතරව ගුජරාට් හා කේරළ ප්‍රාන්තවල ද සංචාරය කිරීමට නියමිත අතර එම ප්‍රන්තයන්හි මහ ඇමතිවරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. ඊට අමතරව ඉන්දියාවේ කෘෂිකර්මාන්ත, කාර්මික සහ තාක්ෂණික සංවර්ධනයට අදාළ මධ්‍යස්ථාන කිහිපයක් නැරඹීමට ද කටයුතු යොදා ඇත.

මෙම සංචාරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟ අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී, පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලන්කුමරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ්  ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website