නාගරික සංවර්ධන අධිකාරියේ සේවාලාභින් සඳහා මාර්ග ගත ගෙවීම් සේවාවක් හරහා ඩිජිටල් ආර්ථිකය සක්‍රීය කිරිම ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ මැනිං පොදු වෙළද සංකීර්ණයේ දී අද (02) ආරම්භ විය.
නාගරික සංවර්ධන අධිකාරියේ https://fmis.uda.lk/login දරන මාර්ග ගත යෙදුම භාවිතා කර පෑලියගොඩ මැනිං වෙළද පොළේ දැනට ලියාපදිංචි 1400 අධික ව්‍යාපාරික පිරිසකට Gov pay හරහා සිය ගෙවීම් කටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීමේ පහසුකම් මේ හරහා සැලසේ.
මෙහි ඉදිරි ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ මහල් නිවාස වල පදිංචි 13,500 අධික පිරිසකට ද දෙවන අදියර යටතේ ඩිජිටල් වේදිකාවට පිවිස ජල, විදුලි, වරිපනම් බදු ඇතුලු ගෙවීම් පහසුකම් සිදු කර ගැනීමට හැකිවනු ඇත.















