ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් අද (02) කොළඹදී දැවැන්ත විරෝධතාවක් ආරම්භ කරන බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා පැවසුවේය.
ඔහු පැවසුවේ විරෝධතාකරුවන් ජනාධිපතිවරයා සමඟ හදිසි රැස්වීමක් අපේක්ෂා කරන බවයි. ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු විරෝධතා ස්ථානයට පැමිණ පෙබරවාරි 03 වන දින ජනාධිපතිවරයා සමඟ රැස්වීමක් සංවිධානය කිරීමට ඉදිරිපත් වූ නමුත් සංගමය කලින් දිනයක් ඉල්ලා සිටි බව ඔහු පැවසීය.
විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ වසර හතකට ආසන්න කාලයක් රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස සේවය කර ඇති බැවින් ඔවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙසයි.
මේ ඉල්ලීම ඉටුකරන ලෙස ආණ්ඩුවට බල කරමින් සංවර්ධන නිලධාරීන් පසුගිය ජනවාරී 26 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරටක් ආරම්භ කළ අතර ඔවුන් අඛණ්ඩව හත්වන දිනටත් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල උපවාසයේ නිරත වී සිටී.
උපවාසයට සහභාගී වන නිලධාරීන් සිව්දෙනෙකු සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර, තවත් දෙදෙනෙකු සෙනසුරාදා (31) උපවාසයට එක් විය.












