42 වැනි විගණකාධිපති පත් කිරීම හෙට – සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනාගේ ඡන්දය තීරණාත්මකයි

මාස 10කට අධික කාලයක් පුරප්පාඩුව පැවැති විගණකාධිපති තනතුර හෙට (03) දින පුරවන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

පත්වීම සාකච්ඡා කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ නමුත් සුදුසු අපේක්ෂකයෙකු පිළිබඳ තීරණයකට එළඹීමට අපොහොසත් වූ බව ද බිමල් රත්නායක පැවසුවේය.

41 වන විගණකාධිපතිවරයා ලෙස සේවය කළ චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම ගැනීමෙන් පසු 2025 අප්‍රේල් මාසයේ සිට මෙම තනතුර පුරප්පාඩුව පවතී.

මේ අතර ජනපතිවරයා විගණකාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා පමණක් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු සහ නිලධාරිනියක පත් කළ අතර ස්ථිර පත් වීම සඳහා බාහිර පුද්ගලයින් දෙදෙනෙකුගේ නම් ව්‍යවස්ථාදායක සභාවට යොමු කළේය.

ව්‍යවස්ථාදායක සභාව මෙම සියලු නම් ප්‍රතික්ෂේප කළ අතර අවසානයේ ස්ථිර විගණකාධිපතිවරයෙක් නම් කරන මෙන් ජනපතිවරයාට දැනුම් දුන්නේය.

මේ අතර, වසර 31 ක සේවා කාලයක් ඇති සහ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරි ධර්මපාල ගම්මන්පිල මහතා, 42 වන විගණකාධිපතිවරයා ලෙස පත් කිරීම සඳහා ත්‍රි නිකායවල මහානායක හිමිවරුන්ගෙන්, මහා සංඝරත්නයෙන් සහ සිවිල් සමාජ කණ්ඩායම් කිහිපයකින් සහාය ලබාගෙන ඇත. මේ සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් පසුගිය දා ජනපතිවරයාට ලිපියක් ද යොමු කළේය.

නව විගණකාධිපතිවරයා පත් කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සිවිල් සමාජ සාමාජිකයින් තිදෙනාගේ ඡන්දය මෙවර ද තීරණාත්මක වනු ඇතැයි මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අදහසයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website