එංගලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියට අදාලව ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ රථවාහන සැලැස්ම මෙන්න !

කොළඹ ආර්.ප්රේමදාස ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී, එංගලන්ත – ශ්රී ලංකා ක්රිකට් තරඟාවලිය පැවැත්වෙන පහත දිනයන්හි ඇති විය හැකි රථ වාහන තදබදය අවම කරගැනීමේ අරමුණින් ශ්රී ලංකා පොලිසිය විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට නියමිතව ඇත.

• 2026.01.22
• 2026.01.24
• 2026.01.27

ක්රිකට් තරඟ පැවැත්වෙන දිනයන් හිදී ක්රීඩාංගණය අවට පහත සඳහන් මාර්ගයන් භාවිතා කරන රියදුරන්ට හා මහජනතාවට දහවල් 1200 සිට තරඟ අවසන් වන තෙක් විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය දන්වා සිටියි. ( මෙම මාර්ග වැසීම හෝ ගමනාගමනය සීමා කිරීමක් සිදු නොකරන අතර සාමාන්ය පරිදි ගමනාගමනය සඳහා අවස්ථාව සලසනු ලබයි.)

• ප්රදීපා මාවත
• සද්ධර්ම මාවත
• ජයන්ත වීරසේකර මාවත
• පන්සල පාර ( ඛෙත්තාරාම මාවත )
• අඩි 100 පාර
• බෝධිරාජ මාවත
• වින්සන්ට් පෙරේරා මාවත
• බ්රිටෝ බාබාපුල්ලේ පාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website