වයස අවුරුදු 11ත් 14ත් අතර පසුවන පාසල් සිසුවියන්ට අවස්ථා කිහිපයකදී අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වීමේ චෝදනාව මත සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිසිය පවසයි.
නානුඔය ප්‍රදේශයේ පාසල් සිසුවියන් පිරිසක් කළ පැමිණිල්ලක් මත නානුඔය ප්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි තිදරු පියෙකු වන සැකකරු අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
පැමිණිලි සිදු කළ දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර අදාළ පැමිණිලි කළ සිසුවියන් 06 දෙනෙකු අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර ඇති බව ද පොලීසිය වැඩි දුරටත් පැවසීය.
නානුඔය පොලිස් කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් පී.එස්. සංජීවනී මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් නානුඔය ප්‍රදේශයේ ජනතාව, පාසල් ළමුන් සහ වතු කම්කරුවන් දැනුවත් කිරීම සඳහා ළමා අපචාර හා ලිංගික හිංසනයන් පිළිබඳ වැඩසටහනක් ද දියත් කර තිබුණු අතර, එම වැඩසටහන් අතරතුර පොලීසියට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකළ බව ද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේය.












