නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර නීති විරෝධි ලෙස උපයාගෙන ඇති බවට සැකකරන රුපියල් විසි අට කෝටි තිස්තුන් ලක්ෂයක (රුපියල් 283,300,000/=) මුදලක් හා වාහන දෙකක් සමඟ සැකකරුවෙකු ඊයේ (19) මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 40 ක් වන ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
විදෙස්ගතව සැඟව සිටින බවට සැකකරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ මෙම සැකකරු දුරකථන මඟින් සම්බන්ධතා පවත්වමින්, එම ජාවාරම්කරුගේ උපදෙස් අනුව මොහු විසින් මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉහත මුදල් එකතු කර ඇති බවට හා අදාල වාහන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් මිළදී ගෙන ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.












