11 වන වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් අවස්ථා කිහිපයක දී දූෂණය කළ බවට සැකපිට තරුණයන් දෙදෙනෙකු සහ දුෂණය කිරීමට අනුබල දුන් සැකකරුවෙකු ගිනිගත්හේන පොලිසිය විසින් පසුගිය දා (18) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16 සහ 17 වන වියේ පසුවන අතර, ඔවුන් ඊයේ (19) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පොලිසිය පවසන ආකාරයට සිය මිත්තණිය භාරයේ සිටින සිසුවිය ගිනිගත්හේන, ගෝනවල ප්‍රදේශයේ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඇය පෙම්වතා හමුවීමට ගිය අවස්ථාවේ ඔහු ඇයව මිතුරෙකුගේ නිවසකට කැඳවා ගෙන ගොස් ඇති අතර එහි දී පෙම්වතා සහ ඔහුගේ මිතුරෙකු ඇයව දූෂණය කර ඇත.
සිසුවිය පසුගිය 17 වනදා උදෑසන නිවසින් පිටව ගොස් රාත්‍රියේ නිවසට පැමිණ ඇති අතර, එහිදී ඇති වූ සැකය මත මිත්තණිය ගිනිගත්හේන පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. ඒ අනුව පාසල් සිසුවිය පොලීසියට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, එහිදී ඇය අදාළ සිදුවීම පාපොච්චාරණය කර ඇත.
සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව ද ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.












