ගංගාරාම විහාරස්ථානයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය: ඇමති නලින්ද සහ කිරින්දේ අස්සජී නාහිමියන් අතර විශේෂ සාකච්ඡාවක්

පෙබරවාරි මස 04 දින සිට 11 දින දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ සංවිධානය කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමෙ සහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (18) පස්වරුවේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන් බැහැදුටුවේ ය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ඉන්දීය රජයේ  අනුග්‍රහයෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ලබන පෙබරවාරි 04 දින මෙරටට වැඩම කරවීමටත් එම ධාතූන් වහන්සේලා පෙබරවාරි මස 04 දින සිට 11 දින දක්වා කොළඹ ගංගාරම විහාරස්ථානයේ දී බැතිමතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමටත් රජය සැලසුම් කර ඇත.

ඒ අනුව අමාත්‍යවරයා පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන් සමඟ ධාතු වන්දනාව සංවිධානය කිරිමට යෝජිත පරිශ්‍රය නිරීක්ෂණය කරමින් ඊට අදාළ මූලික කරුණු සොයා බැලීමක් සිදු කරනු ලැබීය.

සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාවට අදාළ කටයුතු සැලසුම් විය යුතු ආකාරය පිළිබඳව අමාත්‍යවරයා පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන් වෙතින් මෙහිදී අවශ්‍ය අනුශාසනා සහ උපදෙස් ලබාගත් අතර ඒ අනුව ඉදිරි සාකච්ඡා සහ සැලසුම් ක්‍රියාත්මක කෙරේ.

මෙම සාකච්ඡාව සහ පරිශ්‍ර නිරීක්ෂණය සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා ද සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website