විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු නිවේදන ලබා ගෙන තිබෙනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසුවේය.

අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ 2024 වසරේදී රතු නිවේදන හරහා සැකකරුවන් 10 දෙනෙකු මෙන්ම 2025 වසරේදී රතු නිවේදන හරහා සැකකරුවන් 11 දෙනෙකුද මෙරටට රැගෙන ආ බවත් එම වසර දෙකෙහිදිම උදර්පන නීතිය හරහා සැකකරුවන් 21 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට ද හැකියාව ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website