මත්පැන් පානය කර දිනකට ලංකාවේ කී දෙනෙක් මිය යනවා ද ? – නවතම හෙළිදරව්ව

මෙරට දිනකදි මධ්‍යසාර භාවිතයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය යන බව ඇඩික් ආයතනයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් මහතා පැවසුවේය.

මෙරට තුළ නීතිවිරෝධී මධ්‍යසාර භාවිතය ද ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ඔහු ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව එය 10%ක අගයක් ගන්නා බව ද සඳහන් කළේය.

මෙරට සමස්ත ජනගහනයෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් තවමත් මධ්‍යසාර භාවිත කරන බවත් ඉන් අවුරුදු 15ට වැඩි පිරිමි ජනගහනයෙන් 34.8%ක් සහ කාන්තාවන් 0.5%ක් නියෝජනය වන බවත් ඇඩික් විධායක අධ්‍යක්ෂකවරයා පෙන්වා දුන්නේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website