පොලිස් නිලධාරීන්ට පහරදීමට පැමිණි පුද්ගලයා පොලිස් වෙඩි පහරින් මරුට

වැලිකන්ද පොලීසියේ නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු  අද (12) සවස පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව වූ බව වැලිකන්ද පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයට සහ පපුවට තුවාල සිදුව ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය පැවසීය.

පොලිසිය පවසන ආකාරයට, අද (12) සවස වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකු සමඟ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට රථවාහන පොලීසිය විසින් නියෝග කර ඇති අතර එහිදී අදාළ යතුරුපැදිය පොලිස් අණ නොතකා ධාවනය කර ඇත. පොලිස් නිලධාරීන් අදාළ යතුරුපැදිකරු ලුහුබැඳ ඔහුගේ නිවසට ගොස් ඇත. එහි එම පුද්ගලයා මන්නයකින් පොලිස් නිලධාරීන් පහර දීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ දී පොලීසිය වෙඩිතැබීමක් සිදුකර ඇත.

මිය ගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනා 7ක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී ඇති අතර මේ වනවිට තවත් අපරාධ චෝදනා දෙකක් සම්බන්ධයෙන් නඩු විභාගවෙමින් පවතින බව ද කිළිනොච්චිය පොලීසිය පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website