මුන්දලම නවදන්කුලමේ දී වෑන් – කාර් ගැටී තිදෙනෙක් මරුට

මුන්දලම පොලිස් වසමේ නවදන්කුලම ප්‍රදේශයේදී හලාවත දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටී  අද (12) පෙරවරුවේ සිදු වූ අනතුරින් කාර් රථයේ ගමන් ගත් රියදුරු හා කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා මුන්දලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මරණකරුවන් අවුරුදු 26, 58 හා 84 වයස්වල පසුවන කුරණ හා ජා ඇල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෘත ශරීර මුන්දලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කාර් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙකු, වෑන් රථයේ රියදුරු හා ගමන්ගත් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයන් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා මුන්දලම රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරු කර යවා ඇත.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මුන්දලම පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website