සයිබර් අපරාධ වැළැක්වීමේ ඒකකය විසින් සිදු කරන ලද පරීක්ෂණවලින් අනතුරුව, මාර්ගගත වංචා සහ අපරාධ සිදු කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා අනතුරු ඇඟවීය. ඔහු ප්‍රකාශ කළේ සයිබර් අපරාධ මර්ධනය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ සයිබර් අපරාධ වැළැක්වීමේ ඒකකය ස්ථාපිත කළ බවයි.
සමාජ මාධ්‍ය වේදිකා සහ වෙබ් අඩවි හරහා සිදු කෙරෙන වංචා සිදුවීම්වල කැපී පෙනෙන වැඩිවීමක් වාර්තා වීමත් සමඟ පරීක්ෂණ ශක්තිමත් කිරීමට මෙම පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේය.
සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුකරන වංචා, තතුබෑම් සහ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධ නඩු හැසිරවීමට සයිබර් අපරාධ වැළැක්වීමේ ඒකකය සම්පූර්ණයෙන්ම සන්නද්ධ බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි අපරාධවලට වැරදිකරුවන් වන අයට එරෙහිව පොලිසිය දැඩි පියවර ගන්නා බව ද යළි අවධාරණය කළේය.
සයිබර් අවකාශය තුළ තම පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු බෙදා ගැනීමේ දී දැඩිව ප්‍රවේශම් වන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
















