යෝජිත සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ බාධා ඇති කළ හැකි බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් වෘත්තීය වෛද්‍ය සංගමයේ (Medical and Civil Rights Professional Association of Doctors – MCPA සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව මගින් රජයේ රෝහල් සේවාවන්ට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (Public–Private Partnerships – PPPs) ඒකාබද්ධ කිරීම, පෞද්ගලික සැපයුම්කරුවන්ට රජයේ රෝහල් තුළ ක්‍රියාත්මක වීමට ඉඩ පිළිබඳ ඔහු රජයට චෝදනා කළේය.
“මෙම ප්‍රවේශය පවතින රාජ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට වඩා රටේ නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියට තර්ජනයක්” ඔහු අනතුරු ඇඟවීය.
රාජ්‍ය අංශය විසින් සපයනු ලබන සේවාවන් සඳහා රජයට අඩු පිරිවැයක් දැරීමට සිදුවන බවත්, එම සේවාවන් පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් ලබා ගැනීම වඩා මිල අධික බව අධ්‍යයනවලින් පෙනී යන බවත් ඔහු පැවසුවේය.
“අදාළ ක්ෂේත්රවල විශේෂඥයින්ගේ සවිස්තරාත්මක අධ්‍යයනයකින් තොරව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම ගැටලු සහගතයි” වෛද්‍ය චමල් සංජීව කීවේය.














