
06 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් පිළිබඳ සඳහනක් අඩංගු මතභේදාත්මක පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය අනුමැතිය ලබා දීමෙන් පසුව, අවශ්‍ය වෙනස්කම් සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය රාජ්‍ය මුද්‍රණ සංස්ථාවට දැනුම් දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක් වෙත ප්‍රකාශ කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කර ඇති අතර ඔහු පවසා ඇත්තේ අවශ්‍ය වෙනස්කම් පිළිබඳව අමාත්‍යාංශය දැනටමත් රජයේ මුද්‍රණ සංස්ථාව වෙත අදාළ සංශෝධන කරන ලෙස දැනුම් දී ඇති ඇති බවයි.
“ගැටලු සහගත පිටු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ වීමට පෙර අපට සියලු වෙනස්කම් අවසන් කර මොඩියුල සිසුන්ට බෙදා හරින බව සහතික කළ හැකියි” නාලක කලුවැව අවධාරණය කර ඇත.












