මහ නුවර සහ නුවරඑළියේ ප්‍රා.ලේ. තුනකට නායයෑමේ රතු නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (07)  දිස්ත්‍රික්ක දෙකකට බල පැවැත්වෙන පරිදි නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට 03 වැනි අදියරේ (ඉවත්වීම) රතු නිවේදන නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම නිවේදනය වලංගු වේ.

තව ද බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට සහ හඟුරන්කෙත යන ප්‍රා.ලේ. කොට්ඨාශවලට 02 අදියරේ (අවධානය) ඇම්බර් නිවේදන නිකුත් කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website