කැළණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහර අද – ප.ව 03.00 සිට ප.ව 08.00 දක්වා වාහන ධාවනයට සීමා


කැලණිය රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා පෙරහර  අද (07) දින කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී කැලණි සිරි වටරවුම, පෑලියගොඩ මාර්ගය ඔස්සේ පිලපිටිය කනත්ත අසලින් ගෝනගම්පල මාර්ගයේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසලින් වරාගොඩ මාර්ගයට පිවිස නුන්ගමුගොඩ හන්දිය, ගල්බොරැල්ල, වලන්කඩේ හන්දියෙන් ඇතුළුවී විහාර මාවත ඔස්සේ බියගම මාර්ගයට පිවිස නවලෝක වාහල්කඩ ඔස්සේ ගෙවදීමට නියමිතව ඇත.

ඒ අනුව අද (07)  දින පස්වරු 03.00 සිට රාත්‍රී 08.00 දක්වා පෙරහර ගමන්ගන්නා කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

විකල්ප මාර්ග 

  • බත්තරමුල්ල දෙස සිට බියගම දෙසට ගමන්ගන්නා සියළුම රථවාහන කැලණිමුල්ල ආලෝක සංඥා අසලින් දකුණට හැරී අඹතලේ මාර්ගය ඔස්සේ කඩුවෙල හරහා බියගම දෙසට ගමන් කල හැකිය.
  • බත්තරමුල්ල දෙස සිට පෑලියගොඩ දෙසට ගමන්ගන්නා සියළුම රථවාහන කැලණිමුල්ල ආලෝක සංඥා අසලින් වමට හැරී තොටලඟ මාර්ගයෙන් පෑලියගොඩ දෙසට ගමන් කල හැකිය.
  • බියගම දෙස සිට පෑලියගොඩ දෙසට ගමන්ගන්නා සියළුම රථවාහන පට්ටිවිල හන්දියෙන් දකුණට හැරී සපුගස්කන්ද කිරිබත්ගොඩ හරහා ගමන් කල හැකිය.
  • බියගම දෙස සිට බත්තරමුල්ල දෙසට ගමන්ගන්නා සියළුම රථවාහන බණ්ඩාරවත්ත හන්දියෙන් වමට හැරී කඩුවෙල අඹතලේ මාර්ගයෙන් ගමන් කළ හැකිය.
  • පෑලියගොඩ දෙස සිට බියගම දෙසට ගමන්ගන්නා සියළුම රථවාහන පෑලියගොඩ සිට කිරිබත්ගොඩ සපුගස්කන්ද හරහා ගමන් කල හැකිය.
  • පෑලියගොඩ දෙසට සිට බත්තරමුල්ල දෙසට ගමන්ගන්නා සියළුම රථවාහන තොටලඟ මාර්ගයේ කැලණිමුල්ල ආලෝක සංඥා හරහා බත්තරමුල්ල දෙසට ගමන් කළ හැකිය.
  • වරාගොඩ දෙස සිට බියගම දෙසට ගමන්ගන්නා සියළුම රථවාහන පරණ නුවර පාර ටයර් හන්දිය කිරිබත්ගොඩ සපුගස්කන්ද හරහා ගමන් කල හැකිය.
  • පරණ නුවර මාර්ගයේ බියගම දෙසට අතුළු වන සියලුම වාහන කිරිබත්ගොඩ, සපුගස්කන්ද හරහා පට්ටිවිල මාර්ගයේ ගමන් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website