සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්ත සඳහා ව්‍යාපාර ලියාපදිංචිය නැවත ආරම්භ කෙරේ

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ අපනයන සහ නිෂ්පාදන කර්මාන්ත ඇතුළු ව්‍යාපාර ලියාපදිංචි කිරීම එහි දෙවන අදියර ලෙස නැවත ආරම්භ කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

නිෂ්පාදන හා කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් නැවත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බවත් එය ජනවාරි 16 වන දින දක්වා ක්‍රියාත්මක බවත් අමාත්‍යාංශය පැවසීය.

අමාත්‍යාංශයේ ලියාපදිංචි වී නොමැති කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා සඳහා රුපියල් 200,000ක ආපදා සහන දීමනාවක් අදාළ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සම්බන්ධීකරණය කර බෙදා හැරීම සිදු කරන බව ද කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website