පොලිස් විශේෂ කාර්ය බළකාය ගංජා සංහාරයක

පොලිස් විශේෂ කාර්ය බළකායේ ලාහුගල කඳවුරට අනුයුක්ත නිලධාරීන්  කණ්ඩායමක් ඊයේ (04) සවස ලාහුගල ප්‍රදේශයේ දේවාලේගොඩ පාර ආසන්නයේදි වියළි ගංජා ග්‍රෑම් 105 මිලිග්‍රෑම් 40 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති එම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුරට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් එදින තණමල්විල දේවගිර කන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් මගින් ගංජා ගස් 60,850 ක් වගාකර තිබූ අක්කර 02 න පමණ භූමි ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

සැකකරුවන්  අත්අඩංගුවට ගැනීම සඳහා තණමල්විල පොලිස් ස්ථානය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website