2025 වසරේ දී සංචාරක කර්මාන්තය, සෘජු විදේශීය ප්‍රේෂණ සහ කොන්සියුලර් සේවාවන්වලින් ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 11.6ක් උපයා ගෙන ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විිජිත හේරත් මහතා හෙළි කළේය.
අද (05) විදේශ අමාත්‍යංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා පැවසුවේ ඉතිහාසයේ වැඩිම සංචාරක සංචාරකයින් පිරිසක් පැමිණියේ පසුගිය වසරේ බවයි. 2,362,000 ක් වූ මෙම සංචාරකයින් හරහා ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් උපයා ගත් බව ද අමාත්‍යවරයා කීවේය.
2025 දී විදේශීය ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 7.8ක් සහ කොන්සියුලර් සේවාවන් සැපයීම මගින් ඇමරිකානු ඩොලර් මිලියන 576.9ක් උපයා ගත් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
“දිත්වා සුළි කුණාටුව හේතුවෙන් සංචාරක කර්මාන්තය යම් අවිනිශ්චිත තත්වයක පැවතිය ද සංචාරක අමාත්‍යංශය සෙසු ආයතන සමග එක්ව සිදු කළ විශේෂ මෙහෙයුම හේතුවෙන් නැවත මෙරටට සංචාරකයන් පැමිණෙමින් සිටිනවා. මේ වනවිට සංචාරක ක්ෂේත්‍රයේ 15%ක වර්ධනයක් වාර්තා වෙනවා. එසේම දිට්නා සුළිකුණාටුව සමඟ විශාල රටවල් ප්‍රමාණයකින් ශ්‍රී ලංකාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා දුන්නත් අපට වැඩිම මූල්‍ය ප්‍රදානයක්, එනම් රුපියල් ලක්ෂ 725ක් ප්‍රදානය කළේ මාලදිවයිනයි. එසේම ජපානයෙන් රුපියල් ලක්ෂ 596ක් ද ඉන්දියාවේ චෙන්නායි නගරයෙන් රුපියල් ලක්ෂ 440ක් ද පරිත්‍යාග ලෙස ලැබුණා. මේ වන විට රුපියල් බිලියන 85කට ආසන්න මුදලක් මෙරටට ලැබී තිබෙනවා” විදේශ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.












