ජාතික ජන බලවේගය තුළ අපට යම් ධනාත්මක කරුණු දැකිය හැකි නමුත් ගැටලුව වන්නේ එයින් වැඩි කොටසක් ඍණාත්මක වීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
සෑම දෙයකටම ඇඟිලි ගැසීමට උත්සාහ කිරීමෙන් ආණ්ඩුව නැති අවුල් ඇතිකර ගන්නා බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා මේ හරහා ආණ්ඩුව යළි ගැටලු නිර්මාණය කර ගන්නා බව ද සඳහන් කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් සඳහා කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ ඊයේ (04) පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම ප්‍රකාශය කළේය.














