හිටපු අමාත්‍ය ජොන්ස්ටන් සහ ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන ජෙරෝම් කෙනත් ප්‍රනාන්දු FCID අත්අඩංගුවට

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන ජෙරෝම් කෙනත් ප්‍රනාන්දු ද අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ලංකා සතොසට අයත් ලොරියක් අවභාවිතා කිරීම හේතුවෙන් රජයට මූල්‍ය අලාභයක් සිදු වූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙමින් පවතී. එම සිදුවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ ප්‍රවාහන කළමනාකරු ලෙස සේවය කළ ඉන්දික රත්නමලල මහතා ඊයේ (04) අත්අඩංගුවට ගත් අතර ඔහු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website