බේරුවල පොලිස් වසමට අයත් ශාන්ත ආනා මාර්ගයට පිවිසෙන හන්දිය අසලදී ඊයේ (ජනවාරි 03) රාත්රියේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 26 හැවිරිදි තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
බේරුවල පෙරේරා මාවත දෙස සිට ධාවනය වූ යතුරුපැදියක්, ශාන්ත ආනා මාර්ගයට පිවිසෙන හන්දියේදී පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා බේරුවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ බේරුවල ප්රදේශයේම පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
මෘත ශරීරය මේ වන විට බේරුවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.












