“ආරම්භයේ සිට පටන් ගනිමු” යන සංකල්පය ඉදිරියට ගෙන යාමෙන් මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්රයේ භෞතික, ප්‍රතිපත්තිමය සහ සදාචාරාත්මක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ 2026 අරමුණ බව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
රජයක් ලෙස, නිසි මූල්‍ය විනයක් පවත්වා ගනිමින්, නිෂ්පාදන හා ආයෝජන අවස්ථා නිර්මාණය කරමින්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධන දර්ශක වැඩි දියුණු කිරීමට සහ එහි ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ඇය තවදුරටත් පැවසුවාය.
















