මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටසෙන් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට අවසන් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේය.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කඩවත-මීරිගම කොටසේ සිදුවෙමින් පවතින සංවර්ධන කටයුතු පරීක්ෂා කිරීමට අද (01) එම ස්ථානයට පැමිණි අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
කොළඹ-මහනුවර මාර්ගයේ සහ අධිවේගී මාර්ගයේ පිවිසුම් සහ පිටවීමේ ස්ථානවල ඉදිකිරීම් ක්‍රියාවලියේදී කලින් හඳුනාගෙන තිබූ රථවාහන තදබදය පිළිබඳ ගැටලු කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.












