ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්ගේ දිනක වැටුප ලෙස රුපියල් මිලියන 372 ක් ‘Rebuilding Sri Lanka’ අරමුදලට

ශ්‍රී ලංකා යුධ හමුදාව , ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු නිලයන් විසින් තම දිනක මූලික වැටුප දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පරිත්‍යාග කරන ලද මුදල රුපියල් 372,776,918.28ක් ද යුධ හමුදාපති මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා විසින් රුපියල් මිලියන 250ක් ද නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා විසින් රුපියල් 73,963,879.71ක්ද, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා විසින් රුපියල් 48,813,038.97ක්ද වශයෙන්, එම මූල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක්පත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ඊයේ (31) ජනාධිපති ලේකම් කාර්යාලයේදි පිළිගැන්වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website