මහ නුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ තර්ජනයක් -ගොඩනැගිල්ල දැඩි පරීක්ෂාවට

බෝම්බ තර්ජනයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ සිටි පුද්ගලයින් අද (26) උදෑසන ඉවත් කළ බව මහනුවර පොලිසිය පැවසීය.

බෝම්බ තර්ජනයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් ලෙස මුලින්ම නිර්නාමික ඊමේල් පණිවුඩයක් ලැබී ඇති අතර අද පස්වරු 4.00 ට පමණ පුපුරණ ද්‍රව්‍ය පුපුරා යන බවට දෙවන විද්‍යුත් තැපෑලක් ලැබී ඇති බවත් විමර්ශනවලින් හෙළි වූ බව පොලිසිය පැවසුවේ.

තර්ජනයට ප්‍රතිචාර වශයෙන් සහ පූර්වාරක්ෂාවක් ලෙස අද උදෑසන පරිශ්‍රය තුළ සිටි සියලුම කාර්ය මණ්ඩලය සහ මහ ජනතාව වහාම ඉවත් කළ අතර පොලිස් බෝම්බ නිෂ්ක්‍රීය ඒකකය එම ස්ථානයට කැඳවීමට ද මහනුවර පොලිසිය වහාම පියවර ගත්තේය. ඒ අනුව ගොඩනැගිල්ලේ සම්පූර්ණ පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ වන විට කිසිදු බෝම්බයක් හෝ සැක සහිත උපකරණයක් සොයා ගෙන නොමැති බව ද මහ නුවර පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website