උත්සව සමයේ විදුලි සැර වැදීමෙන් සිදුවන මාරාන්තික අනතුරු අවම කර ගන්න PUCSL මාර්ගෝපදේශ නිකුත් කරයි

නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමයේදී විදුලි සැර වැදීමේ අවදානම වැඩි විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවන බැවින් නිසි ප්‍රමිතීන්ගෙන් යුත් SLS සහතික කළ විදුලි නිෂ්පාදන පමණක් භාවිතා කරන ලෙසත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මහජනතාවට අවවාද කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ නිවාසවල අනාරක්ෂිත විදුලිය භාවිතය හේතුවෙන් සෑම වසරකම සැලකිය යුතු තුවාල සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන බවත්, බොහෝ විට දෝෂ සහිත හෝ ප්‍රමිතියෙන් තොර අලංකාර ආලෝකකරණය සහ විදුලි උපකරණ නිසා මෙම අනතුරු සිදුවන බවත්ය. නිවාස ආරක්ෂිත අවකාශයන් ලෙස සලකනු ලැබුව ද, විදුලි ආරක්ෂණ මාර්ගෝපදේශ නොසලකා හරින විට බරපතල සැඟවුණු අනතුරු ඇති කළ හැකි බව කොමිෂම අවධාරණය කළේය.

දෝෂ සහිත හෝ ප්‍රමිතියෙන් තොර අලංකාර ආලෝකකරණයන් නිසා ඇතිවන විදුලි සැර වැදීම් මාරාන්තික විය හැකි බව කොමිෂමමහජනතාවට මතක් කර දුන් අතර, ආරක්ෂිත හා ප්‍රීතිමත් නත්තල් සහ අලුත් අවුරුද්දක් සහතික කිරීම සඳහා මෙම ආරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

නිසි ලෙස සහතික කළ SLS 13A Type-G හතරැස් පින් ප්ලග් සමඟ පමණක් අලංකාර ලාම්පු මිලදී ගන්නා ලෙසත්, නිරාවරණය වූ වයර්, ලිහිල් සම්බන්ධතා, හානියට පත් පරිවරණය හෝ අධික උණුසුම් වීමේ සලකුණු සඳහා භාවිතයට පෙර ඒවා ප්‍රවේශමෙන් පරීක්ෂා කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටි මහජන උපයෝගීතා කොමිෂම නිෂ්පාදකයා විසින් අනුමත කරන ලද වර්ග සමඟ පමණක් බල්බ හෝ LED ලාම්පු ප්‍රතිස්ථාපනය කරන ලෙස ද උපදෙස් දුන්නේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website