අගමැති හරිනි සහ NBRO විද්‍යාඥයින් අතර බදුල්ලේදී විශේෂ සාකච්ඡාවක්

බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ජාතික පාසල, ඌරි දෙමළ විද්‍යාලය සහ වැලිමඩ මුස්ලිම් ජාතික පාසල පිහිටා ඇති ස්ථානවල පවතින ආපදා තත්ත්වයන් විමර්ශනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (දෙසැම්බර් 24) එම පාසල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය.

මෙහි දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් සමඟ අග්‍රාමාත්‍යවරිය විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥයින් විසින් එම පාසල් පරිශ්‍රයන්හි පවතින නායයෑම් තත්ත්වයන් සහ ව්‍යසනයෙන් බේරීමේ අවදානම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේය. එහි නිරීක්ෂණය කරන ලද භයානක තත්ත්වයන් මෙන්ම ඉදිරියේදී ගත යුතු තාක්ෂණික පියවර සහ නිර්දේශ පිළිබඳව විද්‍යාඥයින් මෙහි දී අග්‍රමාත්‍යවරියට කරුණු පැහැදිලි කළේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයවිසින් සපයන ලද තාක්ෂණික වාර්තා සහ නිර්දේශ මත පදනම්ව, සිසුන්ගේ ආරක්ෂාව සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website