නත්තල් උත්සවය, පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව සලකා අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2025/12/24 දින ප.ව. 03.00 ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇත. එම විශේෂ දුම්රිය 2025/12/29 දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00 ට කොළඹ කොටුව දක්වා පිටත්වී කොළඹ කොටුවට පෙ.ව. 08.30 ට ළඟා වීමට සැලසුම් සකස් කර ඇත.
කොළඹ කොටුව – කන්කසන්තුරය නගරාන්තර දුම්රිය 2025/12/25 සහ 28 දිනවල ධාවනයට සැලසුම් කර ඇත.(මෙම දුම්රිය පළමු පංතියේ වායු සමනය කල මැදිරි 09 කින් සමන්විත වේ)
මූලාශ්රය – ශ්රී ලංකා දුම්රිය සේවය – නිල facebook page












