කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව දුරුතු මහා උත්සවයට සමගාමීව හෙලේනා බාලිකා විද්‍යාලය විසින් පවත්වනු ලබන පෙරහර අද (23) දින න පස්වරු 0300 ට පමණ හෙලේනා ප්‍රාථමික විද්‍යාලය අසලින් ආරම්භ වී ගල්බොරැල්ල, වලංකඩ හන්දිය අසලින් විහාර මාවතට පිවිස බියගම මාර්ගය ඔස්සේ කැලණිසිරි වටරවුම අසලින් කැලණි රජමහා විහාරස්ථානයේ ප්‍රධාන වාහල්කඩින් ඇතුළු වීමට නියමිතව ඇත.
පෙරහර අවසන් වන තුරු පහත පරිදි පෙරහර ගමන් කිරීමට නියමිත මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරෙන අතර ඒ අනුව ක්රියාක්මක කිරීමට නියමිත රථවාහන සැලැස්ම පහත පරිදි වේ.
කිරිබත්ගොඩ ටයර් හන්දිය දෙසින් පැමිණෙන සියළුම වාහන නුන්ගන්ගොඩ හන්දියෙන් තොරණ හන්දිය දෙසට යොමු කිරිම.
බියගම මාර්ගයේ ගමන් ගන්නා සියළුම වාහන කැලණිය රජමහා විහරස්ථානයේ බියගම පාර වාහල්කඩ අසලින් ගඟවේල්ල මාර්ගය ඔස්සේ කැලණිසිරි වටරවුමට යොමු කිරීම.
- පෑලියගොඩ දෙස සිට බියගම දෙසට පැමිණෙන සියළුම වාහන කැලණිසිරි වටරවුම ඔස්සේ කැලණි රජමහා විහාරස්ථානයේ ගඟවේල්ල මාර්ගයේ බියගම පාර වාහල්කඩ දෙසට යොමු කිරීම.
- පෙරහර ගමන් ගන්නා කැලණිසිරි වටරවුම – විහාර මාවත කොටස සම්පූර්ණයෙන් වසා තබා ඇත.
- පෙරහර පෙර කොටස විහාර මාවත හන්දිය වෙත ගමන් කරන තෙක් මුල්ලේරියා – බියගම මාර්ගයේ බියගම දෙසට ගමන් ගන්නා රථවාහන පිටවීම සඳහා පමණක් යොමු කිරීම.
- බියගම මාර්ගයේ පැමිණෙන සියළුම වාහන කැලණි රජමහා විහාරයේ බියගම පාර වාහල්කඩ අසලින් ගඟවේල්ල මාර්ගය ඔස්සේ කැලණිසිරි වටරවුමට යොමු කිරීම.
- පෙරහර අවසානේ වලංකඩ අසලින් විහාර මාවත වෙත සම්පූර්ණ කොටස ඇතුලුවීමත් සමඟ නුන්ගන්ගොඩ දෙසින් බියගම දෙසට ධාවනය කරනු ලබන වාහන රථවාහන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිදහස් කිරීම හා බියගම දෙසින් වරාගොඩ මාර්ගයට පිවිසීමට නිදහස් කිරීම.
- පෙරහර කැලණිසිරි වටරවුම ආසන්නයට පැමිණෙනවාත් සමඟ බියගම පාර වාහල්කඩ ඔස්සේ රථවාහන ඇතුලුවීම නතර කර සාමාන්‍ය පරිදි මාර්ගය සකස් කිරීම.
- බියගම මාර්ගයේ පැමිණෙන රථවාහන බස් නැවතුම්පොල අසලින් හෝ විහාර මාවත හන්දිය හරහා වරාගොඩ දෙසට යොමු කිරීම.
- පෑලියගොඩ පට්ටිය හන්දිය, නුවර පාර, පට්ටිය හන්දිය අසලින් වරාගොඩ මාර්ගයට පිවිසෙන වාහන තොරණ හන්දිය දෙසින් යොමු කිරීම.












