පොතුවිල් පොලිස් වසමේ බක්මිටියාව රක්ෂිත ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ශාස්ත්රවේලි කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) ලද තොරතුරක් මත වැටලීම් තුනක් සිදුකර අක්කර 01¼ ක පමණ භූමි ප්රදේශයක වගාකර තිබූ ගංජා හේන් තුනක් වටලා ගංජා පැළ 60,000ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පොතුවිල් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 30 සහ 34 වයස්වල පසුවන බක්මිටියාව ප්රදේශයේ පදිංචිකරුවන් වේ. පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි












