ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ හතක් සඳහා 3 වන මට්ටමේ ‘රතු’ නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කර ඇත.
ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, මැදදුම්බර සහ මිනිපේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩහින්න, මතුරට, හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රා.ලේ. කොට්ඨාශ ඇතුළත් වේ.
බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ද නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (22) දින නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.














